අන්තර්ජාලයේ මුදල් ගනුදෙනු කරන ඔබ අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතු Neteller ගිණුම ගැන හැම දෙයක්ම මේ ලිපියේ ඇතුලත් කරන්නට තමයි හිතාගෙන ඉන්නේ. ඔබ Neteller භාවිතා කළ යුත්තේ ඇයි? Neteller ගිණුමක් විවෘත කරගැනීමට පියවරෙන් පියවර අත්වැලක් ඔබේ Neteller ගිණුමට Credit / Debit Card පතක් මඟින් මුදල් තැන්පත් කිරීම ඔබේ Neteller ගිණුම Verify කර ගැනීම ඔබේ Credit / Debit Card එකේ තැන්පතු සීමාවන් වැඩි කර ගැනීම සඳහා Validate කිරීම Neteller එකෙන් මුදල් ආපසු ගැනීම සඳහා Net+ Card එකක් අයැදුම් කිරීම ගැන දැනට මේ ලිපියේ ඇතුලත්. ඔබේ ඉල්ලීම් වල හැටියට තව දුරටත් තොරතුරු ඇතුලත් කිරීමටත් මම සුදානම්. අන්තර්ජාලයේ මුදල් ගනුදෙනු කරන ඔබ Neteller භාවිතා කළ යුත්තේ ඇයි? Neteller කියන්නේ ලෝකයේ පිළිගත් Online Payment Processor කෙනෙක් අපේ Credit/Debit Card පිලිබඳ රහස්‍ය තොරතුරු broker අතට හෝ වෙනත් කිසිවෙකු අතට පත් වෙන්නේ නැතුව ගනුදෙනු කරන්න පුළුවන්. (මම කියන්නේ නැහැ, brokersලා හොරු කියලා. ඒත් අවදානම අවම කරගත්තාම කෝකටත් හොඳයි නේ) අර කතාවකුත් තියෙන්නේ Prevention is better than Cure කිය...