Skip to main content

සිංහලෙන් Neteller ගැන හැමදෙයක්ම…

අන්තර්ජාලයේ මුදල් ගනුදෙනු කරන ඔබ අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතු Neteller ගිණුම ගැන හැම
 දෙයක්ම මේ ලිපියේ ඇතුලත් කරන්නට තමයි හිතාගෙන ඉන්නේ.
  • ඔබ Neteller භාවිතා කළ යුත්තේ ඇයි?
  • Neteller ගිණුමක් විවෘත කරගැනීමට පියවරෙන් පියවර අත්වැලක්
  • ඔබේ Neteller ගිණුමට Credit / Debit Card පතක් මඟින් මුදල් තැන්පත් කිරීම
  • ඔබේ Neteller ගිණුම Verify කර ගැනීම
  • ඔබේ Credit / Debit Card එකේ තැන්පතු සීමාවන් වැඩි කර ගැනීම සඳහා Validate කිරීම
  • Neteller එකෙන් මුදල් ආපසු ගැනීම සඳහා Net+ Card එකක් අයැදුම් කිරීම
ගැන දැනට මේ ලිපියේ ඇතුලත්. ඔබේ ඉල්ලීම් වල හැටියට තව දුරටත් තොරතුරු ඇතුලත් කිරීමටත් මම සුදානම්.

අන්තර්ජාලයේ මුදල් ගනුදෙනු කරන ඔබ Neteller භාවිතා කළ යුත්තේ ඇයි?

    1. Neteller කියන්නේ ලෝකයේ පිළිගත් Online Payment Processor කෙනෙක්
    2. අපේ Credit/Debit Card පිලිබඳ රහස්‍ය තොරතුරු broker අතට හෝ වෙනත් කිසිවෙකු අතට පත් වෙන්නේ නැතුව ගනුදෙනු කරන්න පුළුවන්. (මම කියන්නේ නැහැ, brokersලා හොරු කියලා. ඒත් අවදානම අවම කරගත්තාම කෝකටත් හොඳයි නේ) අර කතාවකුත් තියෙන්නේ Prevention is better than Cure කියලා.
    3. Neteller අපේ online ගනුදෙනු වලට අතරමැදියෙක් විදියට ක්‍රියා කරන නිසා අපි සල්ලි හොයන්නේ Binary Options Trading වලින් කියලා කාටවත් දැනගන්නට විදියක් නැහැ. මේකේ තියෙන වටිනාකම කොච්චරක්ද කියලා ආයේ කියන්න ඕනේ නැහැනේ.
    4. අපි අපේ  Broker Account එක Verify කරන කොට Credit/Debit Card එකේ Scanned Copies යවන්න කරදර වෙන්න ඕනේ නෑ.
    5. ඔබේ ප්‍රතිලාභ ආපසු ගන්නා විට (Withdrawal එකක් කරන විට) Bank Wire Transfer වලට $30-$40 ගෙවන්නේ නැතුව Net+ Card එක භාවිතා කරලා $6 ක වගේ මුදලකට  සිරි ලංකාවේ අපිට, ලඟම තියෙන MasterCard වලට support කරන ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්.
    6. ඒ වගේම තමයි Trading වලින් ඔබ උපයන ලාභ අතට ගන්න දින ගණන් බලන් ඉන්න ඕනේ නැහැ. Withdrawal Request එකක් කරලා පැය කීපයක් ඇතුලත අතටම සල්ලි ගන්න පුළුවන්.



Neteller ගිණුමක් විවෘත කරගැනීමට පියවරෙන් පියවර අත්වැලක්

  • මුලින්ම Neteller වෙත යන්න.

www.Neteller.com

  • මේ තොරතුරු පිරවීමේදී සෑම විටම සත්‍ය තොරතුරු ඇතුලත් කරන්න.
sinhala-neteller-1
  • දෙවැනි පියවරේදී මේ තොරතුරු ඇතුළත් කරන්න.
  • ඔබේ ප්‍රදේශයට අදාළ Post Code එක ශ්‍රී ලංකා තැපැල් වෙබ් අඩවියේ පහළ දකුණු කොනෙන් ලබා ගන්නට පුළුවන්.

sinhala-neteller-2
ඔබේ ගිණුමේ ආරක්ෂාවට අසන ප්‍රශ්න

sinhala-neteller-3

  • මේ ප්‍රශ්න සඳහා ඔබ ලබාදෙන පිළිතුරු Email එකට එවන්නේ නැති නිසා අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි.
    • යම් හෙයකින් Neteller ගිණුම Lock වුවහොත් Unlock කරගැනීම සඳහා
    • ඔබ නිතර log වෙන පරිඝනකයෙන් හැර වෙනත් ස්ථානයෙන් log වුවහොත් ඒ ඔබම බව තහවුරු කර ගැනීම සඳහා
විටින් විට Neteller එකෙන් මේ ප්‍රශ්න අසනු ලබනවා.
  • තවද…මේ ප්‍රශ්න වලට ඔබ ලබාදෙන පිළිතුරු නිවැරදිව ඉංග්‍රීසියෙන් උච්චාරණය කරන්නට පහසු විමත් ටිකක් වැදගත්.
    • ඔබේ Neteller ගිණුම Lock වුවහොත්, නැවත unlock කර ගැනීමේදී ඔබ ලබා දුන් දුරකථන අංකයට Neteller වෙතින් ඇමතුමක් ලැබෙන අතර එහිදී ඔබට මේ ප්‍රශ්න වලට ඔබ ලබා දුන් පිළිතුරු දෙන්නට සිදු වෙනවා.
  • ඔබට එකම ප්‍රශ්නය දෙවරක් භාවිතා කළ නොහැකි අතර සමාන පිළිතුරු භාවිතා කිරීමටද නොහැක. සෑම පිළිතුරක්ම අකුරු 2-22 අතර විය යුතුය.

  • ඔබ ඇතුළත් කළ තොරතුරු නැවත වරක් නිවැරදි දැයි බලා “Continue” Click කරන්න. එවිට මෙවැනි තිරයක් මතු වේවි.
sinhala-neteller-4
  • ඔබේ තොරතුරු තහවුරු කළ විට මෙවැනි තිරයක් මතු වේවි.
  • ඔබ සාර්ථකව Neteller ගිණුමක් විවෘත කළ බවට දන්වා ඔබට ලැබෙන Confirmation Email එකේ මෙම Secure ID එක ඇතුලත් නොවන බැවින් එය සුරක්ෂිත ස්ථානයක සටහන් කර ගන්න.
sinhalen-neteller-5

  • දැන් ඔබේ අළුත් Neteller ගිණුමට log වෙන්න.
sinhalen-neteller-6
  • බේ Neteller ගිණුම Verify කරන්නට නම් අවම වශයෙන් එක මුදල් ගනුදෙනුවක්වත් සිදුකර තිබිය යුතු නිසා අපි ඔබේ Debit / Credit Card එක භාවිතයෙන් Neteller වලට මුදල් තැන්පත් කරන ආකාරය දැන ගනිමු.

ඇතැම් අවස්ථා වලදී Neteller වෙත Log වූ වහාම ඔබේ අන්‍යන්යතාවය තහවුරු කළ යුතු බවට දන්වා පණිවිඩයක් ලැබෙන අතර එවිට Deposit කිරීමටත් කලින් ඔබේ Neteller ගිණුම Verify කළ හැකියි.

ඔබේ Neteller ගිණුමට Credit / Debit Card පතක් මඟින් මුදල් තැන්පත් කිරීම

  • මුලින්ම ඔබේ Account එකේ Money In වෙත යන්න.

sinhalen-neteller-7

  • ඔබට අදාළ Card වර්ගය තෝරාගන්න.
sinhalen-neteller-8
  • මේ ආකාරයෙන් $20 හෝ වැඩි මුදලක් තැන්පත් කරන්න
sinhalen-neteller-9

  • ඔබේ Debit/Credit Card එක Neteller වලට අළුත් නිසා එක ගනුදෙනුවකදී $160 ක් වැනි උපරිමයකට යටත්ව තමයි මුදල් තැන්පත් කළ හැක්කේ. මේ Limit එක වැඩි කර ගන්නට නම් Card එක Validate කර ගත යුතුයි.
  • අපි මේ තැන්පතුව සිදුකිරීමේදී Neteller වෙතින් ඔබේ Credit / Debit Card Center එකට ඉලක්කම් හතරක කේතයක් යවනවා. ඔබේ Card එක Validate කරන්නට මේ කේතය අවශ්‍ය වෙනවා. මම පාවිච්චි කරන HNB එකට නම් ඒ කේතය ලඟා වෙන්න දවස් 3-4ක් යනවා. අනිත් බැංකු ගැන නම් මම දන්නේ නැහැ.  ඒ වැඩේට ටිකක් කල් යන නිසා අපි ඔබේ Neteller ගිණුම Verify කරගෙන ඉමු.

ඔබේ Neteller ගිණුම Verify කර ගැනීම

  • Verify Your Identity වෙත යන්න…
sinhalen-neteller-10
  • ඔබේ අනයන්‍යතාවය තහවුරු කිරීම සඳහා රියදුරු බලපත්‍රයේ, විදේශ ගමන් බලපත්‍රයේ Scanned Copy එකක් මේ සඳහා සැපයිය යුතුය.
sinhalen-neteller-11
  • ඔබ ලබා දුන් Scanned Copy එක අනුමත වූ ගමන් Email මඟින් දන්වාවි…

sinhalen-neteller-12

ඔබේ Debit/Credit Card එක Validate කර ගැනීම

  • පළමු තැන්පතුව කිරීමෙන් දින 3-4 කට පසු ඔබේ Card Center එක වෙත දුරකථන ඇමතුමක් දී අදාළ දිනයේ ඔබ කළ Transaction එකට අදාළව Neteller එකෙන් එවා ඇති ඉලක්කම් 4ක කේතය ලබා ගන්න.
මෙහෙම Call කරනකොට කීයටවත් Neteller Validation Code එක මොකද්ද? කියලා Call Center එකේ එකාගෙන් අහන්න එපා. ඌ උඩබිම බලාවි.
මෙහෙම කරන්න
“මෙන්න මේ දවසේ මම Neteller සමාගමත් එක්ක ගනුදෙනුවක් කළා, කරුණාකරලා මට අන්න ඒ ගණුදෙනුවට අදාල Transaction Description එකේ තියෙන පළවෙනි ඉලක්කම් හතර කියන්න පුලුවන්ද අහන්න.”
ඔන්න ඕක තමයි ඔයාගේ Neteller Validation Code එක වෙන්නේ. 
  • Neteller වෙත Log වී Settings > Preferred Deposit Options > Validate වෙත යන්න
sinhalen-neteller-13
  • Validate Click කර “Continue” කරමින් ඉදිරියට යන්න
sinhalen-neteller-14
  • මේ Validation එක සඳහාද $5 මුදලක් අය කරන අතර එයද ඔබේ ගිණුමට එකතු වේ.
සිංහලෙන් Binary Options Trading ඉගෙන ග
  • ඔබේ Card එක සාර්ථකව Validate කරන ලද බව‍ සහ ඔබේ තැන්පතු සිමා ඉහළ යවන ලද බව දන්වා මෙවැනි තිරයක් මතු වේවි. එක ගනුදෙනුවක් මඟින් $2500ක් දක්වා තැන්පත් කරන්නට පුළුවන්.

sinhalen-neteller-16

Net+ Prepaid MasterCard එක සඳහා අයැදුම් කිරීම

  • මේ Card පත ලබා ගැනීම සඳහා $13ක මුදලක් වැය වේ.
  • Account < Add a Prepaid Card වෙත යන්න.
sinhalen-neteller-17
  • Get a Plastic Card Click කරන්න.
සිංහලෙන් Binary Options Trading ඉගෙන ග
  • සති 2-3ක් ඇතුලත මෙවැනි Card එකක් ඔබේ නිවසටම ලැබේවි.
neteller-net-plus-mastercard
  • මෙම Card එක ඇතුලත් ලිපිය ලැබුණු පසු ඔබේ Neteller ගිණුමට log වී Activate Your Net+ Card වෙත ගොස් ඔබේ කාඩ්පතේ ඉදිරිපස ඇති අංකය හා පසුපස ඇති CVV අංකය ඇතුළත් කර Card එක Activate කර ගන්න. මෙලෙස Card එක Activate කළ පසු ඔබට ලඟම තියෙන MasterCard වලට සහය දක්වන ATM යන්ත්‍රයෙන් මුදල් ගන්නට පුළුවන්.

CopyRights  ලක්ශන් අයියගේ Sarusara.com එකෙන්

 Thank

ලක්ශන් අයියා....

Comments

Popular posts from this blog

උසස් පෙල අර්ථික විද්‍යාව

අර්ථික විද්‍යාව පලමු පාඩම . අර්ථික විද්‍යාව හැදින්වීම අර්ථික විද්‍යාව යනු  කුමක්දැයි හැදින්වීම දුෂ්කර කටයුත්කක් වන අතර විවිද කල වල ජිවත්වු විද‍්‍යනයිනි විවිද වු මත පලකර ඇත. ඇඩම් ස්මිත්  අර්ථික විද්‍යාව යනු ධනය පිළිබද හදරන විද්‍යාවකි. ලයනල් ‍රෙබිනිසන්   අර්ථික විද්‍යාව යනු සීමිත වු සම්පත් වලිනි අසීමිත මිනිස් උවමනාවන් ඉටුකර ගන්නා ආකරය විස්තර කරන විද්‍යාව.

දැන්වීම් නැරඹීමෙන් මුදල්

"Ads Click කරල සල්ලි හොයමු" මෙ වචනෙ පත්තරයක් ගත්තනම් ඔන තරමි හෙයාගන්න පුලුවන් .ප්‍රශ්නෙ තෙයෙන්නෙ ඔය කියන තරම් මුදලක් හොයන්න පුලුවන්ඩ කියන එක.   අපො ඉට වඩ පුලුවන් එත් ඔය කියන තරම් ඉක්මනට බෑ අනික E-Money  ගැන ඉගන ගන්න රු;5000හ6000 ගෙවල ඔය එක්දින පඨමලාවකින් හරි CD/DVD එකකින් හරි කොහොමටවත් බෑ.එහින්ද ඔය පිස්සු වැඩෙ කරන්න අදහසක් එහෙම තියෙනවනම් ඉස්සෙල්ලම එක හිතෙන් අත්අැරල ඉන්න මොකද එක මහ මොඩවැඩක් විතරයි. Ads ක්ලික් කරල සල්ලි හොයන්න පුලුවන් Sit  ඒවාට කියන්නේ Paid To Click (PTC) ඔවනම් ඔන තරම් තියනව  එත් ඉතින් සුවර් කරන්න පුලුවන් Sit නම් තියෙන්නෙ අතලොස්සයි .තවදෙයක් එක පරිගණකයකින් හදන්න පුලුවන් එක වර්ගයකින්  එක PTC  Sit  එකක් විතරයි උදහරනයක් විදිහට Clcksens ගත්තොත් ඔයට ඔයගෙ එකෙන්computer  හදන්න පුලුවන්clicksens Account  එකක් විතරයි විවිඩ වර්ගවල  Sit (clicksens, clickais,busp)නම් ඔනතරම් හඩන්න පුලුවන් ප්‍රශ්නයක් නැ PTC  Sit  වලින් ඔයාට දිනපතා දැන්වීම්  කිපයක් බලන්න දෙනව ඔයල එව බැලුවම ඔයලගෙ එකට Account  සල්ලි එකතු වෙනව. ...

පෑය 24 ඈඩ්සෙන්ස්

හුරේ ,හුරේ ......................හම්බවුන,හම්බවුන Adsens හම්බවුන මස ගනක් කට්ටකල හොයගත්තේ පෑය 24 Adsens  ගන්න පුලුවන් මෙක කරන්න ඉස්සල්ලම  අලුත්ම අලුත්  e- mail Account එකක් හඩගන්න ඔනි එකක් හඩගෙන එහෙම ලෑස්තිවෙන්නකො මම නම් කියන්නෙ ඔය මිට කලින් අඩ්සෙන්ස් Apply  කරල  කෙල වුනනම් computer fotmat  කරල ඉන්න එක ගොඩක් හොදයි(මමත් එහෙම කරා)එක කොකටත් හොදයි. හරි .. මම අද ඔයලට   Adsens ඉල්ලන්න පුලුවන් ස්යිට් 3 කියලදෙන්නම් ඔය 3 න්ම ඉල්ලන්න යන්න එප කෑමති එකකින් එල්ලන්න පොස්ට් එක පටන්ගන්න කලින් දෙයක් කියන්න තියනව මම හිතන විදිහට අඩ්සෙන්ස්  විකුනන මුදලලිලත් කරනව ඈත්තෙ මෙ ව්දිහට තම ඔයලත් මෙ විදිහල අඩ්සෙන්ස් Account හඩල කටවත් විකුනන්නනම් යන්න එප එක මහ පවක් ඔයලතත් පුලුවන්නම් මෙ post එක Share කරල අනිත් යලුවොත් දැනුවත් කරන්න.මටත් පුලුවන් ඔන්නම් මෙ විදිහට AdsensAccount හඩල විකුනන්න එත් මම එහෙම කරන්නෑ මම මස ගනක් කටට කල හොයගත්තු දෑ මම අද ඔයලට කියල දෙනව එ හින්ඩ පොස්ට් එක ඉවර වෙල  එතක්වත් දන්න කියල මම ඔයලගෙන් එල්ලනව සල්ලිවලට වඩ මට ඔයලගෙ එ අහ්ඩසස් ගොඩක් වටිනව එහෙනම්...